තක්කාලි




තක්කාලි
ලයිකොපර්සිකන් එස්කියුලැන්ටම්
Lycopersicon esculentum
කුලය - සොලනේසී

ලාංකාවේ උඩරට තෙත් කලාපයේ හැර අනිකුත් සියලුම කෘෂි දේශගුණික කලාපවල තක්කාලි වගාකළ හැකිය. එය ගොවියාට සාර්ථක ආදායමක් උපයාදෙන, සැලකියයුතු අපනයන විභවයක් ඇති හා විටමින් ඒ, සී හා ඛනිජ පදාර්ථ අඩංගු බෝගයක් ද වේ.

ඉදුණු තක්කාලි ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයන්
පෝෂණයප්‍රමාණය
කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 3.6
ප්‍රෝටීන්ග්‍රෑම් 0.9
මේදය ග්‍රෑම් 0.2
කැල්සියම් මිලි ග්‍රෑම් 48
යකඩ මිලිග්‍රෑම් 0.4
විටමින් ඒමයික්‍රොග්‍රෑම් -
කැරටීන්මයික්‍රොග්‍රෑම් 351
තයමීන් මයික්‍රොග්‍රෑම් 120
රයිබෝප්ලේවින්   මයික්‍රොග්‍රෑම් 60

නිර්දේශිත ප්‍රභේද
කේ. ඩබ්. ආර්. (ටී. 62 )
KWR

  • පඳුරු තක්කාලි ප්‍රභේදයකි
  • බැක්ටිරියානු හිටු මැරීමට හොදින් ඔරොත්තුදේ
  • ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 50 ක් පමණය.
රෝමා
  • පඳුරු තක්කාලි ප්‍රභේදයකි
  • පහතරට වියළි කලාපයට වඩාත් සුදුසුය
  • ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 60 ක් පමණ වේ
  • තද පොත්තක් සහිතය. බල්බාකාර හැඩැතිය
මාර්ග්ලෝබ්
  • වැල් තක්කාලි ප්‍රභේදයකි
  • වඩාත් සුදුසු වන්නේ උඩරට අතරමැදි කලාපයටය
  • ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 100 ක් පමණය
  • තද පොත්තකින් යුක්තය
බියන්ස් (ටී. 89)
  • අර්ධ වශයෙන් වැල් ආකාරයට වැඩෙන තක්කාලි ප්‍රභේදයකි
  • උඩරට අතරමැදි කලාපයටය වඩාත් සුදුසුය
  • ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 100 ක් පමණ වේ
  • තද පොත්තක් සහිතය
ටී. 146
Tomato_T146
පඳුරු තක්කාලි ප්‍රභේදයකි. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 90 ක් පමණය. තද පොත්තක් ඇත. බැක්ටිරියානු හිටුමැරීමේ රෝගයට, නෙමටෝඩාවන්ට ප්‍රතිරෝධීය, කොළ කොඩවීමේ වෛරස් රෝගයට ක්ෂේත්‍රයේ ඔරොත්තු දීමක් පෙන්වයි.
ගොරක තක්කාලි
Tomato_LankaSaver.jpg
  • තෝරාගත් වරණයකි
  • බැක්ටීරියා හිටුමැරීමට ප්‍රතිරෝධී වේ
  • ගෙඩි තැඹිලි පැහැයට හුරු රතු පැටය
  • ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 122ක් පමණ වේ
විහාර 2
දෙමුහුම් ප්‍රභේදයකි. වර්ධන විලාශය පඳුරක් වැනිය. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 65 පමණ වේ. තද පොත්තක් සහිතය.
තිළිණ
Tomato_tilina
අපරිමිත වර්ධනයක් සහිත වැඩි අස්වනු දෙන ප්‍රභේදයකි. දින 45 දී මල් පීපෙන අතර මාස 2 දී පළමු අස්වැන්න ලබාදේ. අවම වශයෙන් වාර 12 පමණ අස්වනු ලබාගත හැකිය. සලාද සදහා මෙන්ම විවිධ නිෂ්පාදන සැකසීම සදහා ද සුදුසු මෙම ප්‍රභේදයේ ගෙඩි තද ස්වභාවයකින් යුක්ත නිසා ප්‍රවාහනයේදී සුදුවන හානිවලට හොදින් ඔරොත්තු දේ. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 85 - 95 පමණ වේ. ඉදුණු ගෙඩි තැඹිලි රතු පාටය. ගෙඩියක් තුළ අඩංගු බීජ ප්‍රමාණය වෙනත් බොහෝ වර්ගවලට වඩා අඩුය.
රවි
Tomato_Ravi
වැඩි පරිසර උෂ්ණත්ව පවතින ප්‍රදේශ සදහා විශේෂයෙන් ගැලපෙන ප්‍රභේදයකි. පරිමිත වර්ධනයක් සහිතයි. ඉදුණු ගෙඩි තැඹිලි රතු පාටය. පසු අස්වනු හානි අඩුය. ගෙඩි පිපිරීමට හා හිටුමැරීමට ඔරොත්තු දේ.
තරිදු
Tomato_Tharidu
හිටුමැරීමට හොදින් ඔරොත්තු දෙන තද රතු පැහැති මදයක් සහිත රවුම් ගෙඩි හටග්න්නා වර්ගයකි. විවිධ තක්කාලි නිෂ්පාදන සැකසීම සදහා විශේෂයෙන් සුදුසුය. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 43 පමණ වේ.
රෂ්මි
Tomato_Rasmi.jpg
දෙමුහුන් තක්කාලි ප්‍රභේදවල මෙන් විශාල ගෙඩි හටගන්නා, වැඩි අස්වැන්නක් ලබා ගත හැකි ප්‍රභේදයකි. පඳුරක් ආකාරයට වැඩෙන සීමිත වර්ධනයක් ඇති ගසකි. ඉදුණු ගෙඩි තැඹිලි රතු පාටය. ග්‍රෑම් 185 ක් පමණ බරය. හිටුමැරීමේ රෝගයට මධ්‍යස්ථ මට්ටමින් ප්‍රතිරෝධිතාවයක් දක්වයි. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටෙන් 25 - 28 පමණ වේ.
රජිත
Tomato_Rajitha2.jpg
ග්‍රෑම් 80 පමණ බරකින් යුත් මෙම ප්‍රභේදයේ ගෙඩි ඉදුණු විට තැඹිල් පාටය. පඳුරක් ආකාරයට වැඩෙන ශාකයෙහි සීමිත වර්ධන විශාලයක් පවතී. හිටුමැරීමේ රෝගයට මධ්‍යස්ථ මට්ටමේ ප්‍රතිරෝධිතාවයක් පෙන්වයි. ගෙඩි පැලීම සිදුවන්නේ ඉතා මද වශයෙනි. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටෙන් 30 පමණ වේ.
භාතිය
Tomato_Bathiya
  • මෙය වැල් ආකාර ප්‍රභේදයකි
  • ඝන පිටපොත්තක් සහිතය
  • ගෙඩි පිපිරීම අඩුය
  • ගෙඩියක බර ග්‍රෑම් 85ක් පමණ වේ
  • දින 25ක් පමණ කල්තබා ගැනීමේ කාලයකින් යුතුය
  • ඉහළ වෙළඳපොල ඉල්ලුමක් හා පාරිභෝගික රුචිකත්වයක් ඇති ප්‍රභේදයකි
  • බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට ප්‍රතිරෝධී වේ
  • වෛරස් රෝගවලට විශේෂයෙන්ම කර්ලිටොප් වෛරස් රෝගයට ප්‍රතිරෝධී වේ
  • අස්වනු විභවය හෙක්ටයාරයට ටොන් 61ක් පමණ වේ
තක්කාලි KC - 1
Tomato_KC-1.jpg
  • මෙම ප්‍රභේදය තරමක් පැතලි විශාල ගෙඩි සහිත වන අතර ගෙඩි පැලීම අඩුය
  • කල් තබාගැනීමේ හැකියාව ඉහළය
  • පදුරක් ලෙස වැවෙන බැවින් කෝටු සිටුවීම අවශ්‍ය නොවේ
  • හෙක්ටයාරයකට ටොන් 23ක් පමණ අස්වැන්නක් ලබාගත හැක
  • වියළි කලාපීය ප්‍රදේශවල තක්කාලි වගා කිරීම ගැටළු සහගත වේ
  • අධික උෂ්ණත්වය හේතුවෙන් තක්කාලි මල් හා ගෙඩි හටගැනීම අඩුවීම මෙයට ප්‍රධාන ලෙස බලපායි
  • උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගොවීන් අතර මෙම ප්‍රභේදය ජනප්‍රිය වී තිබේ
මහේෂි
Tomato_Maheshi.jpg
  • දෙමුහුම් ප්‍රභේදයකි
  • උසස් අස්වැන්නක් ලබාගත හැක
  • බැක්ටීරියා හි‍ටුමැරීමට ප්‍රතිරෝධී
  • ගෙඩි රතු පැහැතිය. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 125ක් පමණය
බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට - ග්‍රෑම් 300 - 400 කි.

තවාන් පිළියෙල කිරීම
මීටර් 1 ක් පළල, මීටර් 3 ක් දිග තවාන් පාත්ති 20 ක් හෙක්ටයාරයක් සදහා අවශ්‍යය.
පාත්ති වටා කාණුව සෙන්ටි මීටර් 45 ක් පළලට සකසන්න.
තවාන් පාත්ති සෙන්ටි මීටර් 18 - 20 පමණ උස්විය යුතුය.
මතුපිට පස් හා කොම්පෝස්ට් සම ප්‍රමාණවලින් මිශ්‍රකර, සෙන්ටි මීටර් 5 පමණ ඝනකම තට්ටුවක් සේ පාත්තිය මත අතුරන්න.

ජීවානුහරණය
රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් - කැප්ටාන් / තිරාම්
පිළිස්සීම මගින් - පාත්තිය හොදින් තෙමා මාරුවෙන් මාරුවට දහයියා හා පිදුරු තට්ටු වශයෙන් දමා පුළුස්සා ගන්න.

බීජ තවාන් දැමීම
සුදුසු කාලය
මාර්තු මැද හෝ අගෝස්තු මස අගදී බීජ තවාන් දමන්න. තවාන් දැමීමට පෙර බීජ ග්‍රෑම් 125 කට කැප්ටාන් / තිරාම් වැනි දිලීර නාශක ග්‍රෑම් 2ක් මිශ්‍ර කරගන්න.

තවානේ පේලි අතර පරතරය සෙන්ටි මීටර් 12 - 15 ක් වනසේ බීජ තුනීව දමන්න.

සිටුවන ගැඹුර
සෙන්ටි මීටර් 0.5 - 1.0 පමණ ගැඹුරකින් බීජ සිටුවා තුනී පස් තට්ටුවකින් වසන්න. ඉන්පසු පාත්තිය පිරිසිදු පිදුරු වැනි ද්‍රව්‍යයකින් තුනීව වසන්න. දිනපතා ජලය දමන්න.

අධික වැස්සෙන් / හිරු එළියෙන් ආරක්ෂාකර ගැනීම සදහා තවාන ආවරණය කරන්න.

දින 7 කින් පසු වසුන ඉවත් කරන්න. දින 8 - 10 තුළදී පැල තුනී කරන්න. වල් පළෑටි අතින් ගලවා දමන්න.

පැල ගැලවීමට දින කිහිපයකට කළින් පැල දැඩිකිරීම සදහා තවානට ජලය අඩුවෙන් සැපයීම හා වැඩි වේලාවක් හිරුඑළියට පැල නිරාවරණය කිරීම වැදගත්ය.

ක්ෂේත්‍ර පිළියෙල කිරීම
පෙර කන්නයේ සොලනේසියේ කුලයේ (මිරිස්, බටු, අර්තාපල්) බෝග වගා නොකළ ඉඩමක් වගාව සදහා තෝරාගන්න.

ගැඹුරු පස් පෙරලීමකින් පසු පොළොව මට්ටමි කොට මනාව ජලය බැසයන පරිදි ඉඩම සකසා ගන්න.

පරතරය
සෙන්ටි මීටර් 80 x 50 කි.

ක්ෂේත්‍රයේ සිටුවීම
පැල ගැලවීමට දිනකට පෙර තවාන් හොදින් තෙත් කරන්න.

තවානේ පැල දින 14 - 21 අතරදී ගලවා සිටුවන්න. සවස් වරුවේ ගලවා සිටුවන්න.

පැල සිටුවන සෑම වලකටම කාබනික පොහොර යොදන්න. (හෙක්ටයාරයකට ටොන් 6 -12) සමතලා පාත්ති හෝ උස් පාත්තිවල පැල සිටුවීම කරන්න. පැල සිටුවා අධික හිරුරැස් ඇති නම් පැලවල මුල් වැඩෙන තෙක් ආවරණය කොට තබන්න.

පොහොර යෙදීම
සකසාගත් වලවල් වලට පැල සිටුවීමට දින 2 - 3 පෙර කාබනික පොහොර සහ මූලික පොහොර වශයෙන් යෙදිය යුතු රසායනික පොහොර යෙදා පස් සමග කළවම් කරන්න. කාබනික පොහොර වශයෙන් හෙක්ටයාරයකට ටොන් 10 පමණ කුකුල් පොහොර ද යෙදිය හැකිය.
යෙදිය යුතු කාලයයූරියා
හෙ./ කි.ග්‍රෑ
ත්‍රිත්ව සුපර් පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ
මියුරියේට් ඔෆ්
පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ
මුලික පොහොර6532565
පැල මතුවී සති 3 පසු55--
පැල මතුවී සති 6 පසු65-65
බදුල්ල දිස්ත්‍රික්කය සදහා ත්‍රිත්ව සුපර් පොස්පේට් හෙක්ටයාරයට කිලෝ ග්‍රෑම් 220 යොදන්න.

ජල සම්පාදනය
බෝගයට ප්‍රමාණවත් ලෙස ජලය ලබාදෙන්න. වැඩිපුර ජලය යෙදීම සුදුසු නැත. විශේෂයෙන් වියළි කාලයකට පසු වැඩිපුර ජලය යෙදුවහොත් ගෙඩි පිපිරීමට ඉඩ තිබේ.

වල් මර්ධනය
පැල සිටුවා සති 3 දී හා 6 දී සිදු කරන්න.

ආධාරක සිටුවීම
ගස් ඇද වැටිම වලකා ගැනිම සදහා මල් පිපීම ආරම්භ වීමට කලින් ගස් අසල සිටුවා ගත් කෝටු වලට ගස් තබා ප්‍රවේශමෙන් බදින්න.

කෘමි පාලනය
තක්කාලි ගෙඩි විදින පණුවා
හානියේ ලක්ෂණ

කුඩා පණුවා කෙටි කාලයක් පත්‍ර කමින් ක්‍රමයෙන් ගෙඩි විදීමට පටන් ගනී. ගෙඩිවල සිදුරු දක්නට ලැබේ.
පාලනය
පහත සදහන් කෘමිනාශකවලින් එකක් යොදන්න.
ක්ලෝෆ්ලුවසුරොන් - මිලි ලීටර් 10 - 50 g/1 ( ඇටබ්‍රොන්) බැසිලස් තුරෙන්ජිඑන්සිස් - ග්‍රෑම් 45 (බී. ටී) ඉහත කෘමිනාශකවල නියමිත ප්‍රමාණ ජලය ලීටර් 10 ක බැගින් දියකර ඉසින්න.

මල් හා ගෙඩි හටගන්නා අවධියේදී කෘමිනාශක ඉසිය යුතුය. අවශ්‍ය නම් පමණක් දින 14 කට වරක් කෘමිනාශක ද දින 10 කට වරක් බී.ටී ද යෙදීම වඩාත් සුදුසුය. අස්වනු නෙලීමට දින 14 කට පෙර කෘමිනාශක යෙදීම නවත්වන්න.

කියත් පනුවා
හානියේ ලක්ෂණ

කුඩා පැලවල කද කපා විනාශකර දමයි.
පාලනය
ක්ෂේත්‍රයේ පස හොදින් පෙරලා හිරුඑළියට නිරාවරණය කරන්න.

සිටුවන අවස්ථාවේ හෙක්ටයාර 1 කට කාබොෆියුරාන් 3% කිලෝ ග්‍රෑම් 22 - 35 අතර ප්‍රමාණයක් පසට කලවම් කරන්න.
එසේ නැතහොත්,
පහත සදහන් කෘමිනාශකවලින් එකක් පැල සිටුවීමෙන් පසු පැලය වටා තෙමෙනසේ යොදන්න.
ට්‍රයික්ලෝෆෝන්, 500 g/1  (ඩිප්ටෙරෙක්ස්)- මිලි ලිටර් 37
ප්‍රොෆෙනොෆොස්, 500 g/1 (සෙලික්‍රෝන්)- මිලි ලිටර් 23
ප්‍රොතියොෆොස්, 500 g/1 (ටෙකුතයෝන්)- මිලි ලිටර් 30
ක්ලෝෆ්ලුවසුරෝන්, 50 g/1 (ඇටබ්‍රෝන්)- මිලි ලිටර් 10
ඉහත කෘමිනාශක ප්‍රමාණ ජලය ලීටර් 10 ක බැගින් ම්ශ්‍රකර යොදන්න.

රෝග පාලනය
තවාන් රෝග

දිලීර වර්ග කිහිපයක් නිසා දියමලන්කෑම නොහොත් පාමුල කුණුවීම ඇතිවිය හැක.

රෝගී පැලවල කදෙහි පාමුල ප්‍රදේශය කුණූවී පැල ඇදවැටී හෝ මැලවී පසුව මැරී යයි.

පාලනය

තවාන් පසේ රෝග ඇති කරන දිලීර වර්ග ඇති බැවින් තවාන් සකස් කරන විට තවාන් පාත්තිවල පස පුළුස්සා ගන්න.

එසේ නොමැති නම් පහත සදහන් දිලීරනාශකවලින් එකක් දියකර පස හොදින් තෙමෙන සේ මල්බාල්දියකින් පසට යොදන්න.
කැප්ටාන් 50%- ග්‍රෑම් 6
කැප්ටාන් 80%- ග්‍රෑම් 4
ක්ලෝරොතැලොනිල් ( ඩැකොනිල් )- ග්‍රෑම් 6
තිරාම්- ග්‍රෑම් 7
තයොෆනේටි මීතයිල් (ටොප්සීන්)- ග්‍රෑම් 3
ඉහත දිලීරනාශක ප්‍රමාණ ජලය ලීටර් 5 ක දියකර වර්ග මීටර් 2 කට යොදන්න. නැතහොත් පහත සදහන් දිලීරනාශක සමග මිශ්‍රකර බීජ සිටුවන්න.
කැප්ටාන් 50%- ග්‍රෑම් 6
කැප්ටාන් 80%- ග්‍රෑම් 4
තිරාම්- ග්‍රෑම් 4
ඉහත ප්‍රමාණය බීජ කිලෝ 1 කට සෑහේ.

දිලීර මැලවීම
දිලීර වර්ග කිහිපයක් නිසා ඇති වේ.
රෝග ලක්ෂණ
ගස මැලවී යයි. ගසේ පාමුල හා මුල් කුණුවී යයි. සමහරවිට මුල් හා පාමුල කොටසේ සුදුපාට දිලීර දැකිය හැක.
පාලනය
කාණු ගැඹුරුකර හොදින් ජලය බැසයාමට සලසන්න. ඉහත දිලීරනාශක රෝගී පැලයේ මුල් හා ඒ අවට ඇති පැලවල මුල් හොදින් තෙමෙන සේ මල්බාල්දියකින් යොදන්න.

බැක්ටීරියා හිටුමැරීම

පසේ ඇති බැකිටීරියාවක් මගින් ඇති වේ.
රෝග ලක්ෂණ
පැල මැලවීම සුදු වේ. ගසේ පාමුල හෝ මුල් කුණුවීමක් පිටතින් දක්නට නෙලැබේ. පස මට්ටමට අගලක් පමණ උඩින් කද කපා පිරිසිදු වතුර භාජනයකට දැමූවිට කිරිපාට නූල් මෙන් බාක්ටීරියා පිටතට පැමිණේනම්, මෙය බැක්ටීරියා හිටුමැරීම බව ස්ථීරවම නිගමනය කළහැක. මේ අනුව දිලීර හිටුමැරීමෙන් මෙය වෙන්කර හදුනාගත හැකිය.
පාලනය
කාණු ගැඹුරුකර හොදින් ජලවහනය ඇති කරන්න.
ප්‍රතිරෝධී වර්ග වගා කරන්න. KWR ඉතාමත් ප්‍රතිරෝධීය.
T - 146 තරමක් මෙයට ප්‍රතිරෝධී වේ.
පසට කාබනික පොහොර යොදන්න.

අංගමාරය
රෝග ලක්ෂණ
කොළවල හා කදේ දුඹුරු හෝ කළුපාට පුලුලි ඇති වේ. ඒවා වැසි හෝ මීදුම සහිත කාළගුණයේදී ඉක්මනින් විශාලවී කුණුවී යයි. පුල්ලිවලට උඩින් ඇති ගසේ කොටස් කඩාවැටීම හෝ මැලවීම සිදුවේ. මෙම පුල්ලි ගසේ ඕනෑම තැනක ඇතිවිය හැක. ගෙඩිවලද එම පුල්ලි ඇතිවී ගෙඩිද කුණුවී යයි.
පාලනය
වැසි සහිත කාළගුණයක් ඇතිවිටදී රෝගය ඉක්මනින් පැතිරී ගස් සියල්ලම විනාශවී යාහැකි බැවින් රෝග ලක්ෂණ දුටුවහාම පහත දිලීරනාශකවලින් දෙකක් තෝරාගෙන මාරුවෙන් මාරුවට සති 2 කට වරක් යොදන්න.
ක්ලෝරොතැලොනිල් (ඩැකොනිල් )- මිලි ලීටර් 30
ප්‍රෙපිනෙබ් (ඇන්ට්‍රකෝල්)- මිලි ලීටර් 20
මැන්කොසෙබ්- මිලි ලීටර් 20
මැනෙබ්- මිලි ලීටර් 25
ප්‍රොපමොකාබ් (ප්‍රෙවිකර්)- මිලි ලීටර් 35
ඉහත දිලීරනාශක ප්‍රමාණය ජලය ලීටර් 10 ක දියකර ගස් හොදින් තෙමෙන සේ යොදන්න.

නිර්දේශිත ආකාරයට පොහොර මිශ්‍රණ යොදන්න. වැඩියෙන් යූරියා පොහොර නොයොදන්න. රෝගී ගස් හා ගෙඩි ක්ෂේත්‍රයෙන් ඉවත්කර විනාශකර දමන්න.

පිටිපුස් රෝගය
රෝග ලක්ෂණ
සුදුපාට පිටි වැනි දිලීරයේ කොටස් කොළවල යටි පැත්තේ මුලින්ම ඇති වේ. මේ නිසා කොළවල උඩ පැත්ත කහපාට වේ.
පාලනය
රෝග ලක්ෂණ දුටුවහාම සල්ෆර් කුඩු ග්‍රෑම් 50 ජලය ලීටර 10 ක දියකර ඉසින්න. අවශ්‍යනම් නැවත සතියකින් ඉසින්න.

ඇන්ත්‍රැක්නෝස් රෝගය
රෝග ලක්ෂණ

ගෙඩි කුණුවීම හාකද ඉහළ සිට කුණූවීම, මල් හැලීයාම සිදු වේ. වැසි සහිත කාලගුණයේදී රෝගය දරුණු වේ.
පාලනය
පහත සදහන් දිලීරනාශක වලින් එකක් යොදන්න.
ක්ලෝරොතැලොනිල් ( ඩැකොනිල් )- ග්‍රෑම් 20
මැන්කොසෙබ්- ග්‍රෑම් 20
මැනෙබ්- ග්‍රෑම් 20
කාබන්ඩසිම් (බැවිස්ටින්)- ග්‍රෑම් 07
ඉහත දිලීරනාශක ප්‍රමාණ ජලය ලීටර් 10 ක දියකර ඉසින්න.

ගෙඩිවල යට කුණුවීම
මෙම බෝගයකට ලැබෙන ජල ප්‍රමාණය වැඩිවීම හෝ අඩුවීම නිසා ඇතිවන්නකි.
රෝග ලක්ෂණ
ගෙඩියේ යටි පැත්ත කුණුවී යයි.

පාලනය
වතුර වැඩි කාලවලදී කාණු ගැඹුරුකර වතුර බැස යාමට සලස්වන්න. වතුර හිග කාලවලදී වතුර සපයන්න.

තෙතමනය ඒකාකාරීව පවත්වා ගැනීමට පිදුරු, කොළ වර්ග ආදිය යොදා පැල අවට වසුනක් කරන්න.

වෛරස් රෝග

ලංකාවේ තක්කිලි වගාවට බලපාන වෛරස් රෝග කිහිපයකි.
පිපිඤ්ඤා විචිත්‍ර වෛරසය (CMV)
දුම්කොළ විචිත්‍ර වෛරසය (TMV)
ටොමැටෝ ස්පොටඩ් විල්ට් වෛරසය (TSWV)
තක්කාලි කහපැහැ කොළ කොඩවීමේ වෛරසය (TYLCV)
කර්ලි ටොප් වෛරසය (CT)

CWV රෝග ලක්ෂණ
ශාක කුරුවීම, පත්‍ර කහවීම, පත්‍ර සිහින්වීම, ගෙඩි කුඩාවීම, අඩුවීම හා ප්‍රමාද වී මේරීම.

බෝවීම
කූඩිත්තන් මගින්, රෝගී ශාකවල යුෂ නිරෝගී ශාක වල තැවරීමෙන්, වල් පැලෑටි බීජ මගින්

පාලනය
වල් පැලෑටි විනාශ කිරීම.
පිපිඤ්ඤා කුලයේ හා සොලනේසි කුලයේ බෝග සමග තක්කාලි මිශ්‍ර වගාවක් ලෙස වගා නොකිරීම.
රෝගී පැල ඉවත් කිරීම.
රෝග වාහකයාගේ ගහනය අඩුකර ගැනීමට නිර්දේශීත කෘමිනාශක යෙදීම.

TMV රෝග ලක්ෂණ
ශාක කුරුවීම
පත්‍ර, මීවන පත්‍ර මෙන් සිහින්ව දික්වීම.
පත්‍ර විචිත්‍රය හා පත්‍ර රැලි ගැසීම.
ගෙඩි ඉදීම ඒකාකාරීව සිදුනොවීම.

බෝවීම
රෝගී ශාකවලින් ලබාගත් බීජ මගින්
රෝගී වගාවන්හි පස් හා මුල් මගින්
රෝගී ශාක කොටස්වලින්

පාලනය
ආසාදිත ශාක පුළුස්සා දැමීම, පිරිසිදු බීජ භාවිතය, බීජ ප්‍රතිකාරක යෙදීම, ට්‍රයිසොඩියම් ඩීකෝ පොස්පේට් ද්‍රාවනයේ විනාඩි 15 ක් බීජ තබා ජලයෙන් සෝදා බීජ වේලීම.

TSWV රෝග ලක්ෂණ
පත්‍රවල තඹ පැහැයක් ඇති වේ.
ලපටි පත්‍රමත තද පැලිලම් හටගනී.
අග්‍රස්ථය මියයාම හා ශක කද මත ඉරි ඇතිවේ.
අතු මැලවී කඩා වැටේ. ගෙඩි මත රවුම් පැල්ලම් ඇති වේ.

බෝවීම
පැල මැක්කන් මගින්, බීජ මගින්, ශාක යුෂ මගින්.

පාලනය
වල් පැලෑටි විනාශ කිරීම, රෝගී පැල ඉවත් කිරීම, නීරෝගී බීජ භාවිතය, වාහකයාගේ ගහණය අඩුකිරීම, නිර්දේශිත කෘමිනාශක යෙදීම.

TYLCV රෝග ලක්ෂණ
කදෙහි අග්‍රස්ථ සෘජුව තිබීම හා පසුව කෙටිවීම.
පත්‍ර කුඩාවීම.
පත්‍ර උඩට හෝ යටට හැකිලීම.
වර්ධනය බාලවීම.

බෝවීම
සුදුමැස්සා මගින් බෝවේ. නමුත් බීජ හා ශාකයුෂ මගින් මෙම රෝගය බෝ නෙවේ.

පාලනය
සුදුමැස්සා පාලනයට නිර්දේශිත කෘමිනාශක යෙදීම. රෝගී ශාක ඉවත්කිරීම, වල් පැලෑටි විනාශ කිරීම.

CT රෝග ලක්ෂණ
කුඩා කළ රෝග ශාක වියළී මිය යයි. ශාක කුරු වේ. පත්‍ර නටු පහතට කඩා වැටේ. පත්‍ර උඩ අතට හැකිලේ, පත්‍ර දුඹුරු පැහැවී නාරටි දම් පැහැවේ. ගෙඩි මත දුඹූරු පැහැති පැල්ලම් හටගනී.

බෝවීම
කොළපාට කීඩෑවන් මගින් බෝවන මෙම රෝගය ශාක යුෂ මගින් ව්‍යප්ත නොවේ.

පාලනය
වල්පැලෑටි පාලනය, නිර්දේශත කෘමිනාශක යොදා වාහකයා පාලනය. රෝගී ශාක ඉවත් කිරීම, බීට් හා තක්කාලි මිශ්‍ර බෝග ලෙස වගා නොකිරීම.

අස්වැන්න
හොදින් නඩත්තුකළ වගාවකින් හෙක්ටයාරයකට ටොන් 20 - 30 පමණ අස්වැන්නක් ලබාගත හැකිය.

අස්වැන්න නෙලීම
ගෙඩි කොළ පැහැයේ සිට කහ පැහැයට හැරෙන අවස්ථාවේදී නෙලාගන්න. අස්වනු නෙලීම 10 - 12 වරකට පමණ කළ යුතුය.

අස්වැන්න සකසා ගැනීම
නෙලාගත් ගෙඩි, ප්‍රමාණය අනුව වර්ගකර, හොදින් වාතාශ්‍රය ලැබෙන පරිදි ලී පෙට්ටිවල අසුරා වෙළදපොලට යවන්න.
 
Share on Google Plus

About TRB Blogger

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment

0 comments:

Post a Comment