වී වගාව



කන්නයට වගා කිරීම

නියමිත කන්නයට වගා කිරීම, වී වගාවේ වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා අත්‍යාවශ්‍ය කරුණකි. මෙය ප්‍රධාන කරුණු දෙකක් යටතේ සිදුකළ යුතුය.
  • නියමිත කන්නයට වගා කිරීම
  • යායේ ගොවීන් සියළු දෙනාම එකමුතුව එකවර වගා කිරීම
මෙම කරුණු දෙකෙන්ම බලාපොරොත්තු වන්නේ
  • වර්ෂා ජලය හා හිරු එළිය වගාවට උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනිමත්.
  • රෝග හා පළිබෝධවලින් වගාව ආරක්ෂාකර ගැනීමත්ය
වියලි කලාපයේ මහ කන්නය තුලදී වී වගාව ආරම්භ කළයුතු කාල පරිච්ජේදය පහත සටහනේ ආකාරයට තෝරාගන්න

මහ කන්නයේදී පෙබරවාරි 15 සිට මාර්තු 15 හා යල කන්නයේදී අගෝස්තු 15 සිට සැප්තැම්බර් 15 අතර කාල වකවානුව තුලදී අස්වනු නෙලාගත හැකිවන පරිදි වී ප්‍රභේදයේ වසය අනුව වගාව ආරම්භ කළයුතු කාලය තීරණය කරන්න.

මහ කන්නය සඳහා සුදුසු වගා කාලය


වැඩි
වයස් වී
මාස 4
වී ප්‍ර‍භේද
බිම් සැකසීම
සැප්. 25 සිට
ඔක්. 15 අතරදී
වැපිරීම
ඔක්. මැදදී
(ඔක්. 15 - 30
අතරදී)
පැල සිටුවීම
නොවැ. මුලදී
(නො. 01 - 15 අතරදී)
මාස්
කන්නයේ
අස්වනු
නෙලීම
පෙබරවාරි15 සිට
මාර්තු 15
අතර
කාලයේදී
සිදුවිය
යුතුය.
මාස 4
වී ප්‍රභේද
බිම් සැකසීම
ඔක්. 10 - 30
අතරදී
වැපිරීම
නොවැ. මුලදී
(නොවැ. 01 - 15 අතරදී)
පැල සිටුවීම
නොවැ. අගදි
(නො. 15 - 30 අතරදී)
බාල
වයස් වී
මාස 3
වී ප්‍ර‍භේද
බිම් සැකසීම
ඔක්. 25 සිට
නොවැ. 15 අතරදී
වැපිරීම
නොවැ. මැදදී
(නොවැ. 15 - 30
අතරදී)
පැල සිටුවීම
දෙසැ. මුලදී
(දෙසැ. 01 - 15
අතරදී)
මාස 3
වී ප්‍රභේද
බිම් සැකසීම
නොවැ. 10 - 30
අතරදී
වැපිරීම
දෙසැ. මුලදී
(දෙසැ. 01 - 15
අතරදී)
පැල සිටුවීම
දෙසැ. මුලදී
(දෙසැ. 15 - 25
අතරදී)

වියළි කලාපයේ මහ කන්නය තුළදී ඔබ විසින් වගා කිරීමට බලාපොරොත්තු වන වී ප්‍රභේදයේ වයස අනුව අදාල කාල පරිච්ජේදය තෝරා ගන්න.

යල කන්නය සඳහා සුදුසු වගා කාලය
වැඩි
වයස් වී
මාස 4
වී ප්‍ර‍භේද
බිම් සැකසීම
මාර්තු 25 සිට
අප්‍රේල් 15 දක්වා
වැපිරීම
අප්‍රේල්
15 සිට 30
දක්වා
පැල සිටුවීම
අප්‍රේල් අගදි
(අප්‍රේල් 30 සිට මැයි 15 අතරදී)
යල
කන්නයේ
අස්වනු
නෙලීම
අගෝස්තු
15 ත්
සැප්තැම්බර් මස 15 ත්
අතර
කාලයේදී
සිදුවිය
යුතුය.

මාස 4
වී ප්‍රභේද
බිම් සැකසීම
අප්‍රේල් 10 - 30
දක්වා
වැපිරීම
අප්‍රේල් 30
සිට මැයි 15
දක්වා
පැල සිටුවීම
මැයි අගදි
(මැයි 15 - 30 අතරදී)
බාල
වයස් වී
මාස 3
වී ප්‍ර‍භේද
බිම් සැකසීම
අප්‍රේල් 25 සිට
මැයි 15 දක්වා
වැපිරීම
මැයි
15 සිට 31
දක්වා
පැල සිටුවීම
මැයි අගදි
(මැයි 31 සිට
ජුනි 15
අතරදී)

මාස 3
වී ප්‍රභේද
බිම් සැකසීම
මැයි 10 සිට
මැයි 31 දක්වා
වැපිරීම
මැයි 31
සිට ජුනි 15
දක්වා
පැල සිටුවීම
ජුනි 15 -30
දක්වා
වියළි කලාපයේ යල කන්නය තුළදී වගා කිරීමට බලාපොරොත්තු වන වී ප්‍රභේදයේ වයස අනුව වගාව පිහිටුවීමට අදාල කාල පරිච්ජේදය තෝරාගන්න.

එකම වයසේ කාණ්ඩයේ වී එකම යායේ වැපිරීම හා පැල සිටුවීම යන ආකාර දෙකටම වගා කරන්නේ නම් වී වැපිරීමට දින 07 -10 කට පෙර තවාන් වපුරා ගන්න.

යායේ හෝ ප්‍රදේශයේ ගොවීන් එකමුතුව වගා කිරීම
යායේ ගොවීන් එකමුතුව එකවර වගා කටයුතු කිරීමෙ විශේෂයෙන්ම වී වගාවට හානිකරන කෘමි හා රෝග හානි වලකා ගැනීමේ ප්‍රධාන මාර්ගයයි. එකම යායක හෝ ප්‍රදේශයක් තුළ පැල සිටුවීම, වැපිරීම, පැල ගොයම, පඳුරු දමන ගොයම, පුදිත ගොයම යනාදි විවිධ අවස්ථාවන් එකම කාල පරිච්ජේදයක් තුළ නොතිබීමට වගබලා ගත යුතුය. එනම් එකම ය‍ායේ හෝ ප්‍රදේශයේ පැල සිටුවීම හෝ වැපිරීම එකම කාල වකවානුවේදී අවසාන කිරීමට හැකිවන පරිදි කටයුතු කිරීම අතිශයින් වැදගත්ය.

ප්‍රමාද වී කෙරෙන වී වගාවන්හි
  1. කෘමි හා රෝග හානි වැඩිය.
  2. වර්ධනය බාලවී අස්වැන්න අඩුවේ
  3. අස්වනු නෙලන කාල‍යේදී වර්ෂාවෙන් හානි විය හැකිය

බිම් සකස් කිරීම
වී වගාව සඳහා බිම පිළියෙල කිරීමේදී පහත දක්වා ඇති අරමුණු ඉටුකර ගැනීමට බලාපොරොත්තු වේ.
  1. කාබනික ද්‍රව්‍ය දිරාපත්වීම
  2. සාර්ථක වල් පැලෑටි මර්දනය
  3. කාබනික හා අකාබනික පොහොර පසට මිශ්‍රවීම
  4. ‍හොඳින් මුල් වර්ධනය සඳහා අවශ්‍ය තරම් ගැඹුරකට පස සකස් කිරීම
  5. වගාව ආරම්භ කිරීම සඳහා සුදුසු ආකාරයට පස මතුපිට සියුම්ව සකසා ගැනීම
  6. ජල පාලනය සාර්ථකව ඉටුකර ගැනීම
මඩට බිම් සකස් කිරීම (තෙත් ආකාරයට)
මඩට බිම් සැකසීමේදී පහතින් දක්වා ඇති ක්‍රියාමාර්ග අනුගමනය කිරීම යෝග්‍ය වේ.

පළමු සී සෑම
(බිං නැගුම, පුරන් හීය)

පළමු සී සෑමේදී අඟල් 8 - 10 (සෙ. මී. 20 - 25) ක් පමණ ගැඹුරට පස බුරුල්වන සේ සී සෑම කළයුතුය. සිංහල ගැමි නගුල, යකඩ නගුල, මෝල්බොඩ් නගුල, තැ‍ටි නගුල මේ සඳහා භාවිතා කළහැකිය. උදළු මගින් ලියදි කෙටීමද (තාල් කෙටීම) ඉතා යෝග්‍යය. මේ අන්දමට සී සෑමෙන්, පොළොව යටින් ඇති තද ස්ථරය කැඩී යටි පස් මතු පිට පස සමග මිශ්‍රවීම නිසා පසේ සාරවත් භාවය වැඩි දියුණු වේ. පළමු සී සෑම සමග හෝ ඉන්පසුව කාබනික පොහොර ලෙස පිදුරු සහ කොළ පොහොර (වනාතේ කොළ අතු හෝ පිටතින් ගෙනා කොළ පොහොර) යෙදීම සිදුකළ යුතුවේ. මෙමගින් වී වගාවේ අස්වනු සැලකියයුතු මට්ටමකට වැඩිකර ගත හැකිය.

දෙවන සී සෑම
(මද හීය - මඩ හීය)

පළමු සී සෑම සිදුකර දින 10 - 14 කට පසු සිංහල ගැමි නගුල මගින් හෝ රොටවේටරය මගින් හෝ කොකු නගුල භාවිතාකර දෙවන සී සෑම හරස් අතට සිදු කරන්න. දිරාපත් වු කාබනික පොහොර (දිරාපත් වු පිදුරු, ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර, කොළ පො‍හොර වෙනත් සත්ත්ව අපද්‍රව්‍ය) දෙහීයෙන් පසු කුඹුරට යෙදීම වඩාත් යෝග්‍ය වේ.

ගොම පොහොර, කුකුල් පොහොර, කොම්පෝස්ට් හෝ දිරාපත් වු වෙනත් ‍කාබනික පොහොර දෙවන සී සෑමෙන් පසු කුඹුරට දමන්න.

නියර බැදීම
(මඩ තබා ඔප මට්ටම් කිරීම)

පළමු සී සෑමෙන් පසු ලියදිවල මුළු, උදැල්ලෙන් ‍කොටා නියර බැදීම සිදුකල යුතුවේ. දෙවන සී සෑමෙන් පසු නියර මඩ තබාගැනීම යෝග්‍ය වේ. මේ මගින් ලියදිවල ජලය රඳවා තබාගැනීම හොඳින් සිදුවන අතර නියරවල වල් පැලෑටි පැලවීමද පාලනය කළ හැකිවේ.

මඩ කිරීම හා මට්ටම් කිරීම
(පෝරුගෑම)

පෝරු ගෑමේදී ලියදිවල හී කැට හොඳින් පොඩිවන සේත්, ගොඩැලි මට්ටම්වන සේත් පස හොඳින් මඩ කරගත යුතුවේ. ලියදි මඩ කිරීමෙන් පසු මතුපිට ඒකාකාරීව මට්ටම්වන ලෙස හොඳින් සමතලා කරන්න.

පෝරු ගෑමෙන් පසු ලියදිවල ජලය රැස්කර තබන්න. අවශ්‍ය වුවහොත් ගොවි ‍පෝරුව භාවිතයෙන් මතුපිට සමතලා කිරීම තවදුරටත් සිදුකළ හැක. වී වැපරීමේදී සහ ඩැපොග් තවාන් පැල සිටුවීමේදී මෙලෙස මනාලෙස පස මට්ටම් කිරීම අතිශයින් වැදගත්ය.

ලියදිවල අධික ලෙස වල්පැල තිබේ නම් පළමු සී සෑමට ප්‍රථම රසායනික වල්නාශක භාවිතා කළ හැකිය.

නමුත් දෙකන්නයම වගාවෙන කුඹුරු සඳහා මෙලෙස රසායනික වල් නාශක යෙදීමේ විශේෂ අවශ්‍යතාවයක් උද්ගත නොවේ.

වියලි බිම් සකස් කිරීම
(ගොඩට සී සෑම)

වගා කන්නයේ පළමු වැසි වී ගොවිතැනට යොදා ගැනීමේ පරමාර්ථය මත සැහැල්ලු පස් ඇති (වැලි සහිත) කුඹුරුවල වියළි බිම් සැකසීම සිදු කළ හැකිය. ඉන්පසු කැකුලන් ක්‍රමයට වැපිරීම හෝ හොඳින් ජලය තිබේනම් මඩට වැපිරීම වුවද කළහැකිය.

කුඹුර හොඳින් සමතලා කළවිට ඒකාකාරීව ජලය බැඳීම පහසුවන අතර එමගින් වල් පැලෑටි පාලනයද පහසුවේ. රසායනික පොහොර ඒකාකාරීව කුඹුරේ විසුරුවා හැරීමටද එය උපකාරිවේ.

පිදුරු යෙදීම
බිම් සකස් කිරීමට පෙර පසුගිය කන්නයේ පිදුරු ලියදිවලට යෙදීම පසේ සාරවත්භාවය දියුණු කළ හැකි පහසුම ක්‍රමයකි. පිදුරු යෙදීම ඵලදායි ලෙස වී වගාවේ අස්වනු වැඩි කිරීම සඳහා නිර්දේශ කළ හැකි පිළිවෙතකි.

බිම් සකස් කිරීමට පෙර පිදුරු කුඹුරට යොදා දිරාපත්වීමට ඉඩ හරින්න. පළමු සී සෑමෙන් පසු එම පිදුරු ලියදි පුරා විසුරුවා හැර ජලය බැඳ, දෙවැනි සී සෑම පහසුවන පරිදි පිදුරු දිරාපත් වීමට ‍ඉඩහරින්න.

පිදුරු යෙදීමේදී වෙනත් වී වර්ග මිශ්‍රවීමට ඇති ප්‍රවනතාවය වැඩිවන නිසා මේ ගැන සැලකිලිමත් විය යුතුය. පෙර කන්නයේ වගාකල වී වර්ගය මෙම කන්නයේ වගා කිරීමට බලාපොරොත්තුවන වී වර්ගයට වඩා වෙනස් නම් හෝ එම පිදුරුවල ඇති බීජ ප්‍රරෝහණයවීමට ප්‍රමාණවත් කාලයක් ලබාදී එම පැල පසට යටකර විනාශ කිරීමෙන් පසුව නව වගාව ආරම්භ කළ යුතුය.

අක්කර 1ක පිදුරු කුඹුරට යෙදීම සඳහා කම්කරු ඒකක දෙකක් පමණ අවශ්‍ය වේ.

ප්‍රභේදය තෝරා ගැනීම
වැඩි අස්වැන්නක් ලබා ගැනීමට මුලිකව බලපාන කරුණක් නම් සුදුසු ප්‍ර‍භේදය (වී වර්ග) තෝර‍ා ගැනීමයි. විවිධ වගා පාලන පාංශු හා දේශගුණික තත්වවලට ගැලපෙන වී ප්‍රභේද 36ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සඳහා නිර්දේශ කර තිබේ.

කුමන තත්ත්වයන් යටතේදී වුවද, මෙම නව දියුණු වී ප්‍රභේද මගින් පැරණි ප්‍රභේදවලට වඩා වැඩි අස්වැන්නක් ලබාගත හැකිය.
  • නව දියුණු වර්ගවලට ප්‍රශස්ථ පාරිසරික හා වගා පාලන තත්ත්වයන් යටතේ ඉහළ අස්වනු දීමේ හැකියාවක් ඇත.
  • එම ප්‍රභේද අතුරින් වැඩි වයස් කාණ්ඩයේ වී ප්‍රභේදවලට ( මාස 4 හෝ 4 ) බාල වයස් වී ප්‍රභේදවලට වඩා (මාස 3 හෝ 3 ) තරමක් අයහපත් පාරිසරික තත්ත්ව යට‍‍තේ වුවද වැඩි අස්වනු ලබාදීමේ හැකියාවක් ඇත.
  • උසස් වගා පාලන තත්ත්ව ලබා දියහැකි නම් මාස 3  ප්‍රභේදවලින් ද අක්කරයට බුසල් 200 ක තරම්වු වැඩි අස්වැන්නක් ලබාගත හැකිබව ගොවින් විසින්ම පෙන්නුම්කර ති‍බේ.
  • බාල වයස් වී ප්‍රභේද (මාස 3 හෝ 3 ) මගින් උසස් අස්වනු ලබාගැනීම සඳහා යහපත් පාරිසරික හා උසස් වගා පාලන තත්ත්වයන් පවත්වා ගෙන යා යුතුය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවින් වෙත වලාව සඳහා නිර්දේශකර ඇති ජනප්‍රිය වී ප්‍රභේද පහත දක්වා ඇත. මෙහි දක්වා ඇති වී ප්‍රභේදවල වයස් සීමාව වගා කන්නය සහ ඒ ඒ පළාත්වල පාරිසරික තත්ත්ව හා වගා පාලන තත්ත්ව අනුව දින 7 සිට 10 පමණ කාලයකින් අඩු හෝ වැඩි විය හැකිය.

වී වගාව
වර්තමානයේදී මුළු ලෝකය පුරාම ආහාර නිෂ්පාදනය, පවතින ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් නොවන බව විද්‍යාමාන වේ. ඒ හේතුව නිසාම ලොව පුරාම හිඟයක් ඇතිවීමට ප්‍රවනතාවක් දක්නට ඇත. ජනගහනය වර්ධනය, කෘෂි යෙදවුම්වල මිල ඉහළ යාම, දේශගුණ වෙනස්වීම යනාදී කරුණු සමස්ත ලෝකයේ ආහාර නිෂ්පාදනය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත. තවද ඉන්ධන මිල ඉහළ යාමද සෘජුවම හෝ වක්‍රාකාරව කෘෂිබෝග, සත්ව පාලනය හා ධීවර නිෂ්පාදන ඇතුළු සියලූම කෘෂි නිෂ්පාදනයන් කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපා ඇත.

බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් ඇතැම් රටවල් ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා බඩඉරිඟු වැනි රළු ධාන්‍ය විශාල වශයෙන් යොදාගැනීමට පෙළබී ඇති බව වාර්තා වේ. මෙම කරුණු සෘජුවම එවැනි ධාන්‍යවලට පමණක් නොව අනෙකුත් ධාන්‍යවල සැපයුම හා මිළ කෙරෙහිද බලපෑමක් ඇති කිරීමට හේතුවී ඇති බව සඳහන් කළ යුතු වේ. ජෛව ඉන්ධන සඳහා බඩඉරිඟු යොදාගන්නා විට ලෝක වෙළදපොලේ බඩඉරිඟුවල මිල ඉහළයාමක් අපේක්ෂා කළ හැකිය. මෙම කරුණු සත්ව ආහාරවල ඉහළ යාමටද, සත්ව නිෂ්පාදන ඉහළ යාමටද හේතුවේ. තවද සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු වෙනුවට වෙනත් ධාන්‍ය යොදා ගැනීමට පෙළබිය හැකිය. මේ හේතුවෙන් එවැනි ධාන්‍යවල සැපයුම අඩු වී මිල ඉහළ යාම අපේක්ෂාකළ හැකිය. ශ්‍රී ලංකාවේදී ද මෙවැනි තත්ත්වයක් පසුගිය දිනවල වාර්තාවිය.

වසර 2006 තුලදී ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට කෘෂිකර්ම අංශයේ දායකත්වය 16.5% වූ අතර එයින් 30%ක් ම දායකත්වය ලැබුනේ වී වගා අංශයෙනි. දළ ජාතික නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම අංශයෙන් සැපයෙන දායකත්වය සාපේක්ෂ අඩුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කර ඇතත් වී වගා අංශයෙන් සැපයෙන දායකත්වය වසරින් වසර වැඩිවන ප්‍රවණතාවයක් ඇත.

දළ වශයෙන් ගොවි පවුල් 879,000 ක් වී වගාව මත යැපෙන අතර එය රටේ මුළු ජනගහනයෙන් 20%ක් මෙන්ම ජාතික රැකියා නියුක්තියෙන් 32% කි.

ශ්‍රී ලංකාව පුරා විහිදුනු හෙක්ටයාර 807,763 ක් පමණ අස්වැද්දූ ඉඩම් ප්‍රමාණයක් ඇති අතර මහ කන්නයේදී සාමාන්‍යයෙන් හෙක්ටයාර 524,803 ක් එනම් 64% බිම් ප්‍රමාණයක ද යල කන්නයේ හෙක්ටයාර 282,960 ක් එනම්, 35% බිම් ප්‍රමාණයක ද වී වගා කෙරේ. ඒ අනුව වාර්ෂික වගා ත්‍රීව්‍රතාවය 18%කි (ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව)

වසර 1980 සිට 1990 අග භාගය දක්වා දශක දෙකක් තුළ ස්ථාවර මට්ටමක තිබූ වී නිෂ්පාදනය හා අස්වැන්න පසුගිය වසර 10 තුළ නැවත වැඩිවීමේ ප්‍රවණතාවයක් පෙන්වා ඇත. 1995 වර්ෂයේදී හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 3.5 ක්වූ ජාතික සාමාන්‍ය අස්වැන්න 2007 වර්ෂය වන විට හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 4.3 ක් දක්වා වැඩිවී ඇත.

වී නිෂ්පාදනය වැඩි කිරීමට ඇති ගැටලු
ශ්‍රී ලංකාවේ වී අස්වැන්න හා නිෂ්පාදනය වැඩිකිරීමට බාධක වශයෙන් ඇති ගැටළු අතර සමාජ ආර්ථික, තාක්ෂණික, ආයතනික, ස්වභාවික සම්පත් හා වන ජීවීන් ආදී කරනු මූලික වේ.

සමාජ ආර්ථික හා ප්‍රතිපත්තිමය ගැටළු
ඉඩම් අයිතියේ ඇති විෂමතාවයන් විශේෂයෙන්ම දිගුකාලීන ලෙස පාංශු පෝෂක තත්ත්වයන් ඵලදායිතාවයත් ඉහළ නැංවීමට බාධාවක් ලෙස හඳුනාගෙන ඇත.

කම්කරුවන් හා යන්ත්‍ර හිගය
  • මුළු වගා පිරිවැයෙන් කම්කරු කුලිය 50%කට වැඩිවේ. මෙයට විසදුම යාන්ත්‍රීකරණය වුවත් උචිත මට්ටමේ යන්ත්‍ර නොතිබීම ගැටළුවක් වේ. තෙත් කලාපයේ ගොවීන් වී වගාවෙන් ඇත්වීමට මෙය ප්‍රධාන ලෙස බලපා ඇත.
  • නව තාක්ෂණයන්ට අනුවර්තනය නොවීම
  • අඩු ආදායම් ලාභි ගොවීන් නව තාක්ෂණයන්ට යොමුවීම මන්දගාමී වේ.
  • වී වගා නොකර අත් හැරීම
තෙත් කලාපයේ මහ කන්නයේදී හෙක්ටයාර් 40,000 ක් සහ යල කන්නයේ හෙක්ටයාර 90,000 ක් පමණ බිම් ප්‍රමාණයක්ද, වියළි හා අන්තර් මාධ්‍ය කලාපවල මහ කන්නයේදී හෙක්ටයාර් 168,000 ක්ද යල කන්නයේ හෙක්ටයාර 340,000 පමණද විවිධ ගැටළු නිසා වගා නොකර අත්හරී. මෙයින් යම් ඉඩම් ප්‍රමාණයක් වගා කළහොත් සාමාන්‍ය වගා කන්නයකදී වගා කරන බිම් ප්‍රමාණයක් වගා කළහොත් සාමාන්‍ය වගා කන්නයකදී වගා කරන බිම් ප්‍රමාණයෙන් 7.5% (හෙක්. 62,750ක්) පමණ බිම් ප්‍රමාණයක් පහසුවෙන් වගා කළ හැක.

යටිතල පහසුකම් දුර්වල වීම
වාරි පහසුකම් හා ජලවහන දුර්වල වීම ගැටළුවක් ලෙස හඳුනාගෙන ඇත.

තාක්ෂණික කරුණු
තාක්ෂණික කරුණු යටතේ ඵලදායිතාවය අඩුවීම ප්‍රධාන වශයෙන් හේතුවන කරුණු කිහිපයක් හඳුනාගෙන ඇත.
  1. අපේක්ෂිත පරිදි නව ප්‍රභේද ගොවීන් අතර ප්‍රචලිත නොවීම
  2. ගුණාත්මක බිත්තර වී වල භාවිතය අඩු වීම
    බිත්තර වී නිෂ්පාදනය ප්‍රමාණවත් ලෙස සිදුවුවහොත් බෙදාහැරීමේ ගැටළුව ප්‍රධාව වශයෙන් ගොවීන් භාවිතා කරන බීජවල අඩු ගුණාත්මයට බලපා ඇත.
  3. ඉඩම්වල ඵලදායිතාවය අඩුවීම
    කාබනික පොහොර භාවිතා නොකිරීම, දුර්වල ජල වහනය, සමහර පළාත්වල ජල හිඟය, ලවණතාවය වැඩිවීම වැනි හේතුන් නිසා ඉඩම්වල ඵලදායිතාවය අඩුවී ඇත.
ආයතනික ගැටළු
  • ගොවීන් හා ආයතන අතර සම්බන්ධතාවය දුර්වලවීම
  • ස්වභාවික සම්පත් සම්බන්ධ ගැටළු
  • වන සතුන්ගෙන් වන හානිය
වී නිෂ්පාදනය වැඩිකිරීමට ඉහත ගැටළු මගහරවාගැනීමට විවිධ වැඩසටහන් අපි වවමු රට නගමු වැඩ සටහන ඔස්සේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී

පෝෂණය
සහල් සහ මුං ඇට ග්‍රෑම් 100ක අඩංගු පෝෂණය
පෝෂණයසහල් මුං ඇට
කිලෝ කැලරි 352341
ප්‍රෝටීන් ග්‍රෑම්7.022.9
ලයිසීන් මිලි ග්‍රෑම්2812145
මෙතියොනීන් මිලි ග්‍රෑම්156458
සිස්ටීන් මිලි ග්‍රෑම්72   113
ෆනයිල් ඇලතීන් මිලි ග්‍රෑම්362   1259
ට්‍රයෝසීන් මිලි ග්‍රෑම්184      556
අත්‍යාවශ්‍ය ඇමිනේ අම්ල මුළු ප්‍රමාණය
මිලි ග්‍රෑම්
2613 9324


ප්‍රභේදයනිර්දේශ කල වර්ෂයවයස (දින)සහලේ වර්ණය හා හැඩයරෝග හා පළිබෝධ වලට දක්වන ප්‍රතිචාරයවෙනත් ලක්ෂණ
Bg 3 - 51973 150 - 180සුදු දිගබැක්ටීරියා කොළ අංගමාරයට ප්‍රතිරෝධීප්‍රභා සංවේදී
Bg 4071981150 - 180සුදු දිගකොළ පාවවට ප්‍රතිරෝධීප්‍රභා සංවේදී
Bg 745  1981150 - 180සුදු සම්බා
ප්‍රභා සංවේදී
Bg 381981 150 - 180සුදු සම්බා 
ප්‍රභා සංවේදී
පළිබෝධ පාලනය සඳහා ඒකාබද්ධ පළිබෝධ පාලන උපක්‍රම අනුගමනය කිරීම වඩා සාර්ථක ක්‍රමයයි. පළිබෝධ පාලනය සඳහා හැකිතාක් දුරට රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් වැලකී සිටින්න. වී වගා පරිසරයේ සිටින හිතකර සතුන්හට, වී වගාවට හානිකරන කෘමින් පාලනය කිරිමට ඉඩ දිය යුතු වේ. මේ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.
  1. වගාව කන්නයට අනුවම ආරම්භ කරන්න
  2. යායක් තුළ හැකිතාක් දුරට වගා කටයුතු සති දෙකක්වත් ඇතුළත නිමකරන්න
  3. ඔබ වගාකරන ප්‍රදේශයේ වැළදෙන රෝග හා කෘමි හානිවලට ඔරොත්තු දෙන ප්‍රභේද තෝරා වගා කරන්න
  4. වගාවේ නියමිත පැල ගහණය පවත්වා ගන්න
  5. සමතුලිත පොහොර භාවිතා කරන්න
  6. වගාව ආශ්‍රිතව හා වගාව තුළ වල් පැලෑටි නිසියාකාරව මර්දනය කරන්න
  7. කුඹුරේ ජලය මැනවින් පාලනය කරන්න
  8. සතිපතා ඔබගේ කුඹුරේ තැනින් තැන වී පඳුරු පරීක්ෂා කරන්න. විශේෂයෙන් ගොයම පඳුරු දමන අවධියේදී සිට කරල් පීදෙන කාලය තුළ මෙසේ ගොයම පරීක්ෂා කිරීම වැදගත්ය.
අක්කර 1ට ස්ථාන 10ක් පමණ පරීක්ෂා කිරීම ප්‍රමාණවත් වේ. එම පඳුරුවල සිටින හිතකර හා අහිතකර කෘමින් හඳුනාගෙන ඒ ගැන යම් අදහසක් ලබාගන්න. අත්‍යාවශ්‍ය අවස්ථාවලදී කෘමින් වැඩිපුර සිටින ස්ථානවලට පමණක් පළමුවෙන් කෘමිනාශක යොදන්න.

ප්‍රධාන කෘමි හානි
පැල මැක්කා

කන්නය ප්‍රමාද වී වගාකළ කුඹුරුවල දැකිය හැකිය. ප්‍රධාන හානිය ලෙස පැල ගොයමේ වර්ධනය බාලවී ගොයම් ගස් කුරුවී ඇතිවාක්මෙන් දිස්වේ. යාය එකට වගා කිරීමේන් මෙම හානියෙන් වැලකිය හැකිය

ප්‍රමාදවී වගාව ආරම්භකරන අවස්ථා‍වලදී ඉම්ඩක්ලෝප්‍රිඩ් කෘමිනාශකය, බීජ පැල කරගැනීම සඳහා යහන් කරන අවස්ථාවේදී බීජ සමග මිශ්‍ර කරන්න.

හානිය සහිත වගාවට යෙදිය හැකි කෘමිනාශක වර්ග වන්නේ ඉම්ඩක‍්ලෝප්‍රිඩ්, තයක්ලෝප්‍රීඩ්, ෆිප් රොනිල්, කාබොසල්ෆාන්, ඩයිමෙතොඒට්, ෆෙන්තියෝන් ඩයසිනෝන්, කාබරිල්, ක්විනල්පොස් ආදියයි

කොළ හකුළන දළඹුවා
ගොවීන් විසින් වැඩිපුරම හානියක් ලෙස වාර්තා කරන කෘමි හානිය මෙයයි. සෙවන සහිත ස්ථානවල වැඩිපුර දැකිය හැකිය. මෙම ස්ථානවලට පමණක් කෘමිනාශක යොදන්න. යූරියා වැඩිපුර යෙදීම සුදුසු නැත.

නිර්දේශිත කෘමිනාශක - ක්ලෝරොපයිරීෆොස්, පෙන්තියොන්, ක්ලෝර්ෆුලූවසුරෝන්, ඇසඩ්රුක්ටීන් මෙතොක්සිෆීනොසයිඩ්, ටෙබුෆෙනොසයිඩ්, ෆිප් රොනිල්

දුඹුරු පැල කීඩෑවා

වී වගාවේ වසංගත තත්ත්වයක් ඇතිවන අන්දමේ වැඩිම හානියක් සිදුකරන කෘමියෙකි. වගාව තීරුවලට බෙදා වගාව තුළට හිරුඑළිය වැටීමට, සැලැස්වීමද, කුඹුරේ ජලය කපා හැරීමද මෙම හානිය පාලනය කිරීමට අනුගමනය කළහැකි ක්‍රියාවන්ය. බී.ජී 379-2, බී.ජී 300, බී.ජී 403, බී.ජී 304, බී.ජී 357, බී.ජී 358 වැනි බොහොමයක් ප්‍රභේද දුඹුරු පැහැ කීඩෑ හානියට මධ්‍යස්ථව ඔරොත්තු දේ.

පඳුරු දමන අවධියේදී එක් පඳුරක කීඩෑවන් 5-8 කට වඩා සීටී නම් හෝ මේරූ පඳුරක නම් එක් පඳුරක නම් එක් පඳුරක කීඩෑවන් 8-10 පමණ සිටී නම් එම ස්ථාන‍වලට පමණක් පහත සඳහන් එක් කෘමිනාශකයක් යෙදිය හැක

දුඹුරු පැල කීඩෑ හානිය පාලනය සඳහා නිර්දේශීත කෘමිනාශක
කෘමි නාශකයවෙළඳ නම්අක්කරයකට යෙදිය යුතු ප්‍රමාණය
බියු‍ප් රෝෆෙසින් 10% WPඇප්ලෝඩ් 10. WPග්‍රෑම් 100
ඉම්ඩක්ලෝප්‍රිඩ් 200g/ISLඇඩ්මයර් S. L. 200මිලි ලීටර් 75
ෆිප් රොනිල් 50g/I SCරිජන්ට්, රිජන්ට් 50SCමිලි ලීටර් 200
ඇසිටම්ප්‍රිඩ් 20% SPමොස්පිලාන්ග්‍රෑම් 300
එතොෆෙන්ප්‍රොක්ස් 100g / I ECට්‍රෙබෝන් 10ECමිලි ලීටර් 200
කාබොසල්ෆාන් 200g/IEC/SCමාර්ෂල් 20SCමිලි ලීටර් 400
කාබොෆියුරාන් 3% GRෆියුරඩාන් 3G, ෆින්කෙට් කාබොෆියුරාන්, හාෆඩෑන්, මැක්වුඩ්ස් කාබොෆියුරාන්, යුරේකා, විනුෆූර්, පොලොරාන් බවර්ස්, කාබොෆියුරාන් 3G , වික්ටර් 300, කුරේටර්කි. ග්‍රෑ. 7 - 8
ප්‍රොපොක්සර් 200g/IECඋන්ඩේන් EC 20%මිලි ලීටර් 400
ෆෙනොබියුකාබ් 500g/IECෆින්කෙම්, B.P.M.C.මැක්කාබ්
මොරිකාබ්, යුනපවර් B.P.M.C.
බේකාබ් B.P.M.C. 50 EC, බාසා 50
විටාග්‍රෝ 50EC, හේලීස් ඇග්‍රොකෙයාර්
BPMC EC50%
මිලි ලීටර් 600

පුරුක් පණුවා
මළ හදවත හා සුදු කරල් ඇතිවීම පුරුක් පනු හානි නිසා ඇතිවේ. ගොයම් පැළ අවස්ථාවේදී හානිවු විට අමතර රිකිලි සෑදේ. සළබයින්ගේ ගහණය අධික අවස්ථාවලදී දියර කෘමිනාශක යෙදීමෙන් පිටත යෙදීමෙන් පිටත සිටින සලබයින් සහ කීටයන් මර්දනය වේ. කඳ තුළ සිටින කීටයන් මර්දනයට සංස්ථානික කෘමි නාශකයක් භාවිතා කළයුතු වේ.

නිර්දේශිත කෘමි නාශක - කාබොෆියුරාන් 3% කැට ෆිප් රොනිල් 3% කැට, ඩයිසිනෝන් 5% කැට, ක්ලෝරෝපයිරෝෆෝස්, පෙන්තොඒට්, ක්විනල්පොස්, කාබොසල්ෆාන්

ගොයම් මැස්සා
මල් පිපෙන අවදියේ සිට කිරි වදින අවදිය දක්වා කරල්වලට හානිකරයි. වනාත නියර හොඳින් ශුද්ධ කිරීමත්, වල් පැලෑටි කපා ඉවත් කිරීමත්, කන්නයට හා යාය එකමුතුව වගා කිරීමත් හානිය වැලැක්වීමේ පහසු ක්‍රමවේ.

නිර්දේශිත කෘමි නාශක - කාබොසල්ෆාන්, පෙන්තොඒට්, ක්විනල්පොස්, ඩයි‍සිනෝන්, ෆෙන්තියෝන්

ගොක් මැස්සා
රිදී ගොබ ඇති වේ. හැම කන්නයකදීම පහේ හානිය දක්නට ලැබේ නම් තවානට කැට කෘමිනාශකයක් යොදන්න. හානියට ඔරොත්තු දෙ වී ප්‍රහේද වගා කිරීම කිරීමෙන් හානිය පහසුවෙන් වලක්වා ගතහැකිය.

බී.ජී. 304, බී.ජී. 357, බී.ජී. 358, ගොක් මැස්සාගේ මාදිලි 1 හා 2 ට ම ඔරොත්තු දේ.

නිර්දේශිත කෘමි නාශක, ක‍ා‍බොෆියුරාන් 3% කැට හෝ ඩයිසිනෝන් 5% කැට හෝ බෙන්ෆියුරකාබ් 3%, කැට අක්. 1ට කි.ග්‍රෑ. 7 - 8 ක් ෆිප් රොනිල් කැට අක්කරයට කි. ග්‍රෑ. 4- 5

ප්‍රධාන රෝග‍
කොළ පාළුව

භෝගයේ ඕනෑම අවස්ථාවක වැළඳිය හැකි රෝගයකි. රෝගකාරක දිලීරය මගින් පත්‍ර කදේ ගැට, වී කරලේ පාදස්ථය (ගෙල) හා වී කරලේ විවිධ කොටස් හෝ වී ඇට වෙත හානි ‍පැමිණවිය හැකිය. ගොඩ තවාන්වල වැඩෙන ගොයම් පැලවලටද පහසුවෙන් රෝගය වැළඳීමට ඉඩ තිබේ.

දිලීරය මගින් හානි වු ශාකයේ විවිධ කොටස් මත අළු පැහැති ලප ඇතිකරයි. මෙම ලප සිහින් පත් ලෙස දිස් වී ක්‍රමයෙන් විශාල ඇසක හැඩය ඇතිවන සේ දෙකෙලවර සිහින්ය. එය පත්‍ර මත ඇති වු විට පත්‍ර කොළ පාළුව ලෙස හැඳින්වේ. කරලේ ගෙල දීලිරයේ මගින් හානි වු විට එම ස්ථාන කළු පැහැවී කඩා වැටේ. මෙය ගෙල කුණුවීම නම් වේ.

අධික ආර්ද්‍රතාවය, නිතිපතා ලැබෙන වර්ෂාව, අඳුරු හා සීතල කාලගුණයක් සහිතවීම උදෑසන හා රාත්‍රි කාලවලදී පිණි සහිතවීම හා රෝග පාත්‍රි ප්‍රභේද වගා කිරීමේ රෝගයේ පැතිරවීමට හිතරකර වේ. වැඩි පැළ ඝනත්වය හා අධික ලෙස නයිට්‍රජන් පොහොර යෙදීමද රෝගය පැතිරවීමට හේතු වේ.

රෝග පාලනය සඳහා ඔරොත්තු දෙන වී ප්‍රභේද භාවිතා කරන්න. මේ සඳහා බී.ජී. 403, බී.ජී. 379-2, බී.ඩබ්. 267-3, බී.ජී. 352, බී.ජී. 357, බී.ජී. 358, බී.ජී. 300, බී.ජී. 304 වන ප්‍රභේද සුදුසු වේ.

නිර්දේශීත දිලීර නාශක
එඩි‍ෆෙන්පෝස් (හිනොසාන්)
කසුගමයිසින් (කසුමින්)
ටෙබුකොනසෝල් (පොලිකර්)
කාබන්ඩසිම් (බැව්සටන්)
අයිසෝප්‍රොතියොලේන් (පියුජිඕන්)

කොපු අංගමාරය
ගොයම් ගසේ උපරිම පඳුරු දැමීමේ අවස්ථාවට පසු ගසෙහි කඳ ආවරණය වී ඇති පත්‍ර කොපුවලට මෙම රෝගය වැළදේ. හිතකර පරිසර තත්වලදී පත්‍ර තලය දක්වා මෙය පැතිරී යයි. පත්‍ර කොපු මත ඕවලාකාර හෝ ඉල්ප්සාකාර හැඩයෙන් යුත් අළු පැහැති පුල්ලි ජල මට්ටමට ආසන්නයේ වී ශාකයේ කඳ මත හටගනී, මෙම පුල්ලි කල් ගතවත්ම එකිනෙකට සම්බන්ධ වී අළු පිදුරු පැහැයකට හැරේ.

අධික උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය සහිත අඳුරු කාලගුණික තත්ව යටතේ දී රෝග කාරක දිලීරය ගොයම් ගස්මත වේගයෙන් වර්ධනය වේ. අධික වශයෙන් නයිට්‍රජන් පොහොර යෙදීම. වැඩි පැළ ඝනත්වයක් පැවතීම හා අධික වල් පැලෑටි ගහනය මෙම රෝගය පැතිරවීමට හේතුන් වේ.

රෝගී පාලනය
  1. නිවැරදි පැළ ගහණයකි ක්ෂේත්‍රයේ පවත්වා ගෙන යෑම
  2. සමබර පොහොර මිශ්‍රණ යෙදීම
  3. යුරියා ‍පොහොර වැඩිපුර නොයෙදීම
රෝගය වැළඳී ඇතිවිට පහත දක්වා ඇති දීලීර නාශකය ක්ෂේත්‍රයේ රෝග ලක්ෂණ ඇතිවිය හැකි තැන්වලට පමණත් ශාකයේ පත්‍ර කොපුවට හොඳින් තැවරෙන සේ යොදන්න.

‍ගෙන්සකොන්සෝල් 5% EC (ඉරේෂර්, කොන්ටෙෆ්
ප්‍රොපිකොන්සෝල් 25% (බම්පර්, ටිල්ට්)
පෙන්සිකි‍යුරෝන් 25% (මොන්සරින්)

අස්වැන්න නෙලීම හා සකසා ගැනීම
අස්වනු නෙලීමේ සිට ඇසිරීම දක්වා කරුණු හරියාකාරව අනුගමනය නොකිරීම නිසා අස්වැන්නෙන් 10% - 15% පමණ හානි වියහැකිය. මේ හානිය අවම කිරීම සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග කීපයක් පහතින් සඳහන් කර ඇත.
  1. කපාගත් ගොයම් මිටි බැඳීම පොලිතින් හෝ ගෝනි උරයක් මත සිදු කරන්න
  2. හැකි සැමවිටම කොළ මඩින යන්ත්‍රයක් භාවිතා කරන්න. ට්‍රැක්ටර් මගින් පාගනවිට අධික වේගයෙන් පෑගිම සිදු නොකරන්න.
  3. හැකි සැමවිටම කොළ මඩින යන්ත්‍රයක් භාවිතා කරන්න. ට්‍රැක්ටර් මගින් පාගනවිට අධික වේගයෙන් පැගීම සිදු නොකරන්න.
  4. පෑගීම සඳහා හැමවිටම පඩංගු ‍හෝ මාගල් භාවිතා කරන්න. පරණ පොහොර මලු මසා සාදාගත් අතුරුනුවක් හෝ වෙළඳ පොළෙන් මිලට ගත් එවැනි ඇතිරිල්ලක් හෝ ගෝනි පඩංගු හෝ මත තබා කොළ මැඩීමෙන් ගල් වැලි රහිත උසස් ගුණාත්මයේ වී ලබාගත හැකිය.
  5. හැකි සෑම අවස්ථාවකදීම වියළි කාලගුණ‍යක් පවතින අවස්ථාවක අස්වනු නෙලීම හා බීජ වෙන්කර ගැනීම සිදුකරන්න. අස්වනු නෙලන අවස්ථාවේදී වර්ෂාවට හසුවුවහොත් බීජ දුර්වර්ණවීමට ඉඩ තිබේ.
  6. පිරිසිදු ඇසුරුම් මළු වී ගබඩා කිරීම සඳහා භාවිතා කරන්න.
  7. නෙලාගත් අස්වැන්න ඇසිරීමට පෙර කිහිපවරක් හොඳින් වියලා පිරිසිදු කරගන්න. තෙතමනය 12% - 13% දක්වා අඩුවනතෙක් වියළීම කළයුතු වේ. මේ අන්දමට වියළි ඇති විට දත්වලින් හැපුවිට ටකස් ගා වී ඇටය දෙකට කැ‍‍ඩේ.
  8. හොඳින් වාතාශ්‍රය පවතින පිරිසිදු වියළි ස්ථානයක වී ගබඩාකර තබන්න. මෙම ස්ථානය මීයන්, කෘමින් හෝ වෙනත් හානිකර සතුන්ගෙන් තොරව තබාගැනීමට පියවර ගන්න.
Share on Google Plus

About TRB Blogger

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment

0 comments:

Post a Comment